Announcing the Micro:bit Mother's Day Challenge!

ලොව පුරා මව්වරුන්ට තම එදිනෙදා කටයුතු පහසු කර ගන්නට micro:bit යොදා ගන්න පුළුවන් කොහොමද?

ලොව පුරා සිටින මව්වරුන්ගේ සේවය වචනයෙන් විස්තර කල නොහැකියි. වසරේ දින 365 පුරාම තම පවුලේ සියලුම අවශ්‍යතා සොයා බලමින් ඉටු කර දෙනවා. ඔවුන් දක්ෂයි නමුත් කාර්යය බහුලයි. ඒ මෙහෙය අගයමින්, ලොව පුරා රටවල් 46 කට වඩා වැඩි ප්‍රමාණයක මව්වරුන්ගේ දිනය මහත් හරසරින් සමරනවා. මේ දිනයේදී සියලු දෙනා මව්වරුන්ට තම කෘතවේදීත්වය පල කරනවා. Micro:bit පදනමේ අපි මව්වරුන්ගේ ඇති වටිනාකම පසක් කර දෙන්නට සහ ඔවුන්ට උපකාර කිරීමට දිරි ගැන්වීමක් වශයෙනුයි මේ තරඟය සංවිධානය කරන්නේ? මේ ප්‍රශ්නය ඉදිරිපත් කල වහාම ඒ සඳහා විවිධ අදහස් ලැබෙන බව අපි දන්නවා

නවතම, micro:bit අභියෝගය වන්නේ “Micro:bit for Mothers and Carers Challenge” යන්නයි. ඔබට තෝරා ගන්න පුළුවන් අභියෝග තුනක් මේ සතු වෙනවා. අපි හොඳම නව නිර්මාණ වලට ත්‍යාග ලබා දෙනවා. ඒ අභියෝග ත්‍රිත්වය පහත පරිදියි:

  • පළමු අභියෝගය: ඔබ කොහොමද micro:bit පරිගණකය යොදා ගෙන ඔබේ මව සිදු කරන සේවය අගය කරන්නේ?
  • දෙවැනි අභියෝගය: ඔබේ මවගේ යම් කිසි එදිනෙදා සිදු කරන කාර්යයක් පහසු කර ගන්නට micro:bit උපකාරී කරගන්න පුළුවන් කොහොමද?
  • තෙවැනි අභියෝගය: ජලය, ආහාර හෝ විදුලිබලය සපයා ගැනීම දුෂ්කර ලෝකේ සමහර රටවල්/ප්‍රදේශ වල තම පවුල රැක බලා ගැනීම පහසු කාර්යයක් නොවෙයි. ලොව පුරා මව්වරුන්ට තම කටයුතු අවශ්‍යය විට අවශ්‍යය තැනදී කර ගන්නට micro:bit යොදා ගන්න පුළුවන් කොහොමද? නල ලිං වලින් ජලය ලබා ගන්න, විදුලි බලය සහ අන්තර්ජාලය සෑම විටම නොමැති ජංගම දුරකථන හරහා පමණක් අන්තර්ජාලය භාවිත කරන ජනතාව ගැන සිතන්න. Micro:bit යොදා ගෙන කරන නව නිපැයුමක් ඔවුන්ට උපකාරී වන්නේ කොහොමද?

කාටද සහභාගී වෙන්න පුළුවන්?

වයස අවුරුදු 18 හෝ ඊට වඩා අඩු ඕනෑම අයෙකුට මේ තරඟයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒවගේම ගුරුවරුන්ට, දෙමව්පියන්ට සහ වැඩිහිටියන්ට ඒ සඳහා උපකාරී වෙන්නටත් පුළුවන්.

කොහොමද සහභාගී වෙන්නේ?

කරුණාකර ඔබේ සියලුම ඇතුලත් කිරීම් challenge@microbit.org යන ඊ තැපැල් ලිපිනයට එවන්න. ලිපියෙහි විෂය "Challenge" ලෙස යොදන්න.

මොනවද අඩංගු විය යුත්තේ?

සියලුම ඇතුලත් කිරීම් මාර්තු මස 27 වෙනිදාට ප්‍රථමයෙන් අප වෙත ලැබිය යුතුය. ජයග්‍රාහකයන් අප්‍රේල් මස 10 වෙනිදා ප්‍රකාශයට පත් කරනු ලැබේ.

  • ඔබේ අදහස ලේඛනයක, වීඩියෝවක හෝ ඡායාරූපයක් මගින් විස්තර කරන්න
  • ඔබේ උපාංගයේ ඡායාරුපයක් හෝ වීඩියෝවක් ලබා ගන්න
  • ඕනෑම කෙනෙකුට ඔබේ නව නිර්මාණය නැවත සැකසිය හැකි ලෙස එහි hex ගොනුව ඇතුලත්ව කේතය අඩංගු කරන්න

ජයග්‍රාහකයෝ...

Prizes will include micro:bit goodies plus a kit from 4tronix. The winning entries will be published on microbit.org and help build resources and activities for teachers and micro:bit inventers around the globe.

සුභ පැතුම්!

ඔබේ ව්‍යාපෘතියේ ප්‍රගතිය ඡායාරූප සමඟින් Tweet කරන්න. #microbitchallenge සහ @microbit_edu සහ කෙටි විස්තරයක්ද අඩංගු කරන්න අමතක කරන්න එපා.

Selecting this opens external content from our support system, which adheres to their privacy policy.