ඔබේ BBC micro:bit පරිගණකය පිළිබඳව දැන ගන්න

BBC micro:bit හි ඉදිරිපස BBC micro:bit හි පසුපස

කේත සැකසීමේ සිට ඒවා යහළුවන් සමඟ බෙදා ගැනීම දක්වා සියලුම කාර්යයන් මේ වෙබ් අඩවිය හරහා සිදු කල හැක. මේ තුල ඔබ ලබන අත් දැකීම වඩාත් වැඩි දියුණු කිරීමට අපි නිරන්තරයෙන්ම කටයුතු කරනවා. ඔබේ අදහස් හා යෝජනා අපට එවන්න. අපව help@microbit.org ඊ තැපැල් ලිපිනය හරහා සම්බන්ධ කර ගන්න පුළුවන්

ඔබේ BBC micro:bit පරිගණකය රොබෝවන්ගේ සිට සංගීත මෙවලම් සැකසීම දක්වා පුළුල් පරාසයක ඔබේ නව නිර්මාණ වලට යොදා ගන්න පුළුවන්. කල හැකි දේවල් අනන්තයි. මේ කුඩා උපාංගයේ LED 25ක්, කේතනය කල හැකි බොත්තම් දෙකක්, චලන අනාවරකයක් සහ බ්ලුටූත් සම්බන්ධතාවය හරහා වෙනත් උපාංග වෙතට සම්බන්ධ වීමට හා ගනුදෙනු කිරීමට හැකියි!

අපගේ දෘඩාංග පිටුව බලන්න. micro:bit කියන්නේ විවෘත සංවර්ධනය කළ හැකි පුවරුවකි. මේ පිටුවෙහි දෘඩාංග අන්තර්ගතයන් ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා.

මේ වෙබ් අඩවිය හරහා ඔබේ micro:bit පරිගණකය භාවිතා කිරීමට අවශ්‍යය උපදෙස් සහ පාඩම් ලබා ගන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට කේතයක් රචනා කොට ඉතා පහසුවෙන් එය ක්‍රියාත්මක වන අන්දම දැක ගන්නට පුළුවන්. කේත සංස්කාරකයන් ඔබේ පරිගණකයේ, ටැබ්ලටයේ හෝ ජංගම දුරකතනයේ භාවිතා කරන්නට පුළුවන්.

ඔබ ජංගම දුරකථනයක් හෝ ටැබ්ලට් පරිගණකයක් භාවිතා කරන්නෙක් ද? එසේ නම් ඔබට micro:bit ජංගම දුරකථන සඳහා යෙදුම භාවිතයෙන් ඔබේ කේතය බ්ලුටුත් (වයරය භාවිතයෙන් තොරව) ඔස්සේ micro:bitට යැවිමට හා තව බොහෝ දේ කළ හැක. මෙම ජංගම පිටුව ඒ ගැන සියළු දේ පවසාවි.

ඇයි ඔබ තවම ඉන්නේ? කෙටි විඩියෝ දර්ශන නරඹා පටන් ගන්න ඔබගේ BBC micro:bit සමඟ, විවිධ කේත සංස්කාරකයන් ගැන සොයමින් අපේ උපදෙස් හා ව්‍යාපෘති ගවේෂණය කරන්න.

අනාගතයේ BBC micro:bit පිළිබඳව මනා දැනුමක් ඇති කෙනෙකු වන්න. මේ ඩිජිටල් ලෝකය ඔබේ ය.

කොහෙන්ද micro:bit සොයා ගන්න පුළුවන්

අපගේ අරමුණ වනුයේ ලොව වටා micro:bit පහසුකම් සලසාදීමය. අපගේ අලෙවි නියොජිතයන් ඔබට උදව් කරාවි මෙය ඔබට ලබා ගැනිමට. මෙය ඔබගේ ප්‍රදේශයේ නොමැතිද? දුක් වීමට කිසිදු කරුණක් නොමැත. අපි දැනටමත් මෙය යුරෝපය පුරා ව්‍යාප්ත කර පසුව ඇමෙරිකාව, ආසියාව හි අප්‍රිකාව පුරා ව්‍යාප්ත කිරිමට සුදානම් ය.